මගී බස් රථ නිරීක්ෂණයට ජාතික ගමනාගමන කොමිසමෙන් නව ඩිජිටල් පද්ධතියක්
මගී ප්රවාහන බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක්
මගී ප්රවාහන බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.
ගමන ආරම්භයේ සිට එය අවසන් වන තෙක් මුළු ගමන පුරාම බස් රථ සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බව කොමිසම පවසයි.
මෙම වසර තුළ මගී ප්රවාහන බස් රථවල නව ඩිජිටල් නිරීක්ෂණ පද්ධතිය ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, මෙම පද්ධතිය හරහා බස් රථ ක්රියාකාරිත්වය, මගී ආරක්ෂක තත්ත්වයන්, රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ හැසිරීම, වාහන වේගය සහ නැවතුම් ස්ථාන ඇතුළු අංශ කිහිපයක් නිරීක්ෂණය කිරිමට නියමිතයි.
මෙම ක්රියාවලිය හරහා රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑම ක්රියාකාරකමක් අනාවරණය වුවහොත්, අදාළ බස් රථවලට දඩ ලකුණු නිකුත් කිරීම සහ ඒවායේ මෙහෙයුම් බලපත්ර අවලංගු කිරීම ඇතුළු අවශ්ය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව තවදුරටත් පැවසීය.




