සාම යෝජනා මැද ඊශ්‍රායලයෙන් ගාසාවට නැවතත් ප්‍රහාර: සිවිල් වැසියන් 8ක් ජීවිතක්ෂයට

0
ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 8ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 8ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් හමාස් සංවිධානය නිරායුධකරණය කිරීමට සැළසුම් සකස් කරන පසුබිමකයි ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත්තේ.

පසුගිය සිකුරාදා දිනයේදී හමාස් සංවිධානය නිරායුධකරණය සඳහා තම එකඟතාව පළකර තිබේ

ඒ ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමේ කොන්දේසිය මතයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කරුණු 15කින් සමන්විත සාම මණ්ඩල යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ඇති අතර හමාස් සංවිධානය තම ආයුධ ගබඩා කිරීම සදහා ලබාදීමට නියමිතව ඇත්තේ ඊශ්‍රායලය තම මෙහෙයුම් නවතා පසුගිය වසරේ ගිවිසුමට අනුකූලව තම හමුදා ඉවත්කර ගැනීමෙන් අනතුරුවයි.

කෙසේ වුවද මෙම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහනය නොතකා ඊශ්‍රායලය තවමත් ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com