2026 ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති අගෝස්තු 05 වනදා සිට තහනම්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන අගෝස්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතේ නියෝග ප්‍රකාරව අගෝස්තු 05වන දින මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් කටයුතු සපුරා තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම.
විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම.
අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම.
විභාග ප්‍රශ්න හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්/මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම.
මෙම නියෝග නොසලකා ක්‍රියා කරන ඕනෑම තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවෙකු වන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කරයි.
යම් හෙයකින් මෙම නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පාර්ශවයන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව පවසයි.
පොලිස් මූලස්ථානය: 011 2421111
පොලිස් හදිසි ඇමතුම් අංකය: 119
විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය: 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව: 011 2784208 / 011 2784537




