ජූලි මස 06 සිට 10 වැනිදා දක්වා ‘බදු ශක්ති’ නමින් ජාතික බදු සතියක්

0
ජූලි මස 06 සිට 10 වැනිදා දක්වා ‘බදු ශක්ති’ නමින් ජාතික බදු සතියක්

ජූලි මස 06 සිට 10 වැනිදා දක්වා ‘බදු ශක්ති’ නමින් ජාතික බදු සතියක්

2026 ජූලි මස 06 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා ‘බදු ශක්ති’ නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී බදු ශක්ති නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස් කිරීමේ කාර්යයේ නිරත වී සිටින ප්‍රධාන දෙපාර්තමේන්තු ත්‍රිත්වය සමග මෙම කර්තව්‍යය සිදුකරන බවද අවධාරණය කළේය.

බදු සතියට අදාළ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 06 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද සදහන් කළේය.

ගිය වසරේද මෙම ජාතික බදු සතිය පැවැත්වූ බව සිහිපත් කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා මෙලෙස මෙම වැඩසටහන බදු සතියක් ලෙස ප්‍රකාශයට පත් කළද ගිය වසරේත් බදු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වර්ෂය පුරාම සිදුකළ බවද පැවසුවේය.

මේ වර්ෂයේත් මෙම බදු සතියෙන් අරඹා වර්ෂයේ ඉතිරි කාලය තුළ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය. මෙම වැඩසටහනේ මූලික අරමුණ බවට පත්වන්නේ බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් දක්වා පරිවර්තනය කිරීම තුළින් ස්වෙච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම සඳහා මූලික අරමුණ ඇතිව මෙම බදු සතිය ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන්නේය.

මෙහිදී බදු ගෙවීමට සූදානම් ජනතාව තුළ පවතින ආකල්පමය වෙනස ඇතිකළ යුතු බවද ඇතැම්විට ජනතාව බදු ගෙවීමට මැළිකමක් දක්වන බවද, බදු ගෙවීමට බියක් දක්වන්නේ යැයිද පැවසුවේය. මෙම බදු සතිය අරඹා මෙම සෘණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් බවට පරිවර්තනය කිරීම සදහා බදු, මහජන සුබසාධනය සහ රටේ සංවර්ධනය සදහා යොවන්නේ කෙසේද යන පණිවිඩය ජනතාව තුළට ගෙන යාමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සදහන් කළේය.

පසුගිය වකවානුවේ අභ්‍යන්තරික සහ බාහිර වශයෙන් මෙරට ආර්ථිකයට යම් කම්පන අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවූ බවද එවැනි අවස්ථාවක බදු නිසා ආර්ථිකයට ශක්තිමත් ලෙස මුහුණ දීමට රජයට හැකියාව ලැබුණු බවද සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com