ජපානයේ ඇතැම් ආයතනවලට එරෙහිව අපනයන සීමා පැනවීම සම්බන්ධව චීනයෙන් ප්‍රතිචාර
ජපානයේ ඇතැම් ආයතනවලට එරෙහිව අපනයන සීමා පැනවීම සම්බන්ධව චීනයෙන් ප්‍රතිචාර
ජපානයේ ඇතැම් ආයතනවලට එරෙහි ව පනවා ඇති අපනයන පාලන පියවර චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (29) නිකුත් කෙරිණි.
කලක සිට, ජපානය නව මුහුණුවරකින් මිලිටරිවාදය වේගයෙන් ව්‍යාප්ත කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ‘චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය’ හා ‘චීන මහජන සමූහාණ්ඩුවේ ද්වි භාවිත අයිතම් පිළිබඳ අපනයන පාලන රෙගුලාසිය’ ඇතුළු නීති-රීතිවලට අනුව, චීනය අදාළ පියවර ගෙන තිබේ.
ජපානයේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාතික ආයතනය (National Institute for Defense Studies) ඇතුළු එරට යුදමය ශක්‍යතාවන් ඉහළ නංවාලීමට එක්වූ ආයතන 20ක් මෙම අපනයන පාලන ලැසිස්තුවට ඇතුළත් වනවා. එමෙන්ම, ද්වි භාවිත අයිතම භාවිත කරන්නන් කවුරුන් ද යන්න පිළිබඳවත්, එවැනි අයිතම් භාවිත කරන්නේ කුමන අරමුණින් ද යන්න පිළිබඳවත් සනාථ කිරීමට නොහැකි MITSUI E&S Co., Ltd. ඇතුළු එරට ආයතන 20ක් ඉහළ අවධානයට ලක්වූ ලැයිස්තුවට චීනය ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
චීනයේ මෙම ක්‍රියාව නිත්‍යනුකූල හා සාධාරණ ක්‍රියාවක් බවත්, නව මුහුණුවරකින් ක්‍රියාත්මක ජපාන මිලිටරිවාදය මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළා. ද්වි භාවිත අයිතම ගනුදෙනුවලට අදාළ ජපානයේ ආයතන කිහිපයක් මෙම ලැයිස්තුවට ඇතුළත් කළද මෙය, දෙරටෙහි ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවට බාධා නොකරන බවද එම ප්‍රකාශකයා පවසා සිටියේය.




