නීතිඥවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන නීතිඥ සංගමයෙන් පැහැදිලි කිරීමක්
නීතිඥවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන නීතිඥ සංගමයෙන් පැහැදිලි කිරීමක්
සිය සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක සංගමයේ කාර්යභාරය වන්නේ අදාළ නෛතික ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම හා ඉදිරි පියවර පිළිබඳ සංගමයට වාර්තා කිරීම පමණක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කළේ, මෙම ක්‍රියාමාර්ගය අතරතුර නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති බවය.
නීතිඥවරයා වෙනුවෙන් කිසිදු නියෝජනයක් කිරීමට නීතිඥ සංගමය තීරණය කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිඥවරයෙකු සම්බන්ධයෙන් අද (25) සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අධිකරණ කටයුතු අතරතුර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජනයන් කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණි.




