ලංගමට නව බස් රථ 600ක් ආනයනයට සැලසුම්
ලංගමට නව බස් රථ 600ක් ආනයනයට සැලසුම්
ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා බස් රථ 600ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
අධීවේගී මාර්ගවල ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ 400ක් ඒ අතරට ඇතුළත් වේ.
එම බස් රථ දෙසැම්බර් මාසය වන විට මෙරටට ලැබෙනු ඇත.
මේ වන විට මිලදී ගෙන ඇති නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මස 15 වැනිදා වන විට දිවයිනට ලැබෙනු ඇතැයි, ප්‍රවහන සහ මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ එම බස් රථවලට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ පද්ධති සකස් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර ධාවනයට යොමු කරන බවයි.




