රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ රිමාන්ඩ්
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ රිමාන්ඩ්
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අරුණ වර්ෂ විතාන යන අය ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින්.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අද(25) පෙරවරුවේයි.
මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකරුවන් ලබන ජුලි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.




