ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්

0
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්

ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්

FOTON මෙට්‍රෝ බස් රථ 104ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් චීනයේ බීජිං නුවර ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ අනුග්‍රහයෙන් ප්‍රධාන කර්මාන්ත ශාලවේ දී පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා Lanka Metro Transit නියෝජිතයින් සහභාගී වී තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ, මෙම බස් රථ ශ්‍රී ලංකාවේ නවීන, ආරක්ෂිත හා සුවපහසු පොදු ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇති බවයි.

එසේම, මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන අතර, අනාගතයේදීත් වඩාත් උසස් ප්‍රවාහන අත්දැකීමක් මගී ජනතාව වෙත ලබාදීම සඳහා සියලු පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com