ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීට ඇප
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළා.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාරදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සැකකරුට නියෝග කර තිබෙනවා.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාව මත අද (19)මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ




