එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ.

0
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමේ යෝජනාවක් අද දින (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි පියවරක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වේ.

ඒ අනුව මින් ඉදිරියට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

එමෙන්ම, එම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති විවිධ සමූහ (Groups) වෙත ප්‍රවේශ වීමද මෙම නවතම නෛතික රාමුව තුළ තහනම් වීම විශේෂත්වයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com