20 වැනිදා සිට නානුඔයෙන් බදුල්ලට මගී ප්‍රවාහන දුම්රිය සේවා යළිත්

0
20 වැනිදා සිට නානුඔයෙන් බදුල්ලට මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් යළිත්

20 වැනිදා සිට නානුඔයෙන් බදුල්ලට මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් යළිත්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එළැඹෙන සෙනසුරාදා දින (20) සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

හැටන් ලංගම ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා අද (17) පැමිණි අවස්ථාවේදී මේ බව අනාවරණය කළේය.

මේ වනවිට උඩරට දුම්රිය ධාවනය බදුල්ල සහ අඹේවෙළට පමණක් සීමා වී ඇත.

සුළි කුණාටුවෙන් හානියට පත් දුම්රිය මාර්ගයේ සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ඉතා කඩිනමින් සිදුවෙමින් පවති බවද මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේය.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටියේ සිට බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com