ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව බදුල්ල – හාලිඇළ මාර්ගයේ කොටසක් වැඩිදියුණු කිරීමට අනුමැතිය

0

බදුල්ල – වෙන් කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව අරමුදල් සපයනු ලබයි.

සෞදි සංවර්ධන අරමුදලේ ණය මුදල් මඟින් ක්‍රියාත්මක අම්පාර – උහන – මහඔය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක ණය ඉතිරියක් අපේක්ෂා කරනු ලබයි.

එලෙස එම ඉතිරි ණය මුදල භාවිත කරමින්, වසර 15කට වැඩි කාලයක් භාවිත කරනු ලැබ ඇති සහ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ කිලෝමීටර 1.5ක පමණ මාර්ග කොටසක් (කිලෝමීටර 119+620 සිට කිලෝමීටර 121+200 දක්වා) ප්‍රතිසංස්කරණය කිරීමද ඇතුළුව, පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මාර්ගයේ (A05) බදුල්ල – හාලි ඇළ මාර්ගයේ කිලෝමීටර 06ක කොටසක් (කිලෝමීටර 115 සිට කිලෝමීටර 121 දක්වා) රුපියල් මිලියන 600ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com