අධිවේගයේ ආසන පටි නීතිය ගැන විශේෂ නිවේදනයක්
අධිවේගයේ ආසන පටි නීතිය ගැන විශේෂ නිවේදනයක්
එළැඹෙන 20 වැනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කරන්නේ.
රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ටද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණි.
එම කාලය ලබන 19 වැනිදායින් අවසන් වේ.
ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




