ලංකා – ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත වේ.

0
ලංකා – ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත වෙයි

ලංකා – ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත වෙයි

නව සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා – ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේ.

සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය භාරකාර මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා.

මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරිය එහි සමරු ඵලකය නිරාවරණය කළා.

අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශය සහ සසාකාවා සාම පදනම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.

ශ්‍රී ලංකාව හා ජපානය අතර සංස්කෘතික, අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ ද්වීපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ජපන් භාෂා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සහ දෙරටේ ජනතාව අතර අනෝන්‍ය මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මෙම මධ්‍යස්ථානය අමිල මෙහෙවරක් සිදු කරනු ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com