ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේන් ඇගයීම්
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීම
කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ මෙම කැපවීම සහ කම්කරු අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කිරීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් එෆ් හංග්බෝ මහතාගේ ඇගයීමට ලක්වූ අතර ඉදිරියේ දී ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටද එකගත්වය පළර තිබේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114වන සැසිවාරය සඳහා සහභාගිවීමට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත් වූ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය සහ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කර ඇත.
සේවා ස්ථාන තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සී 190 සම්මුතියට ශ්‍රී ලංකාව මෑතකදී එකගවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.




