ඉන්දි­යා­වෙන් කෝටි 990ක ආයෝ­ජ­න­යක්

0
ඉන්දි­යා­වෙන් කෝටි 990ක ආයෝ­ජ­න­යක්

ඉන්දි­යා­වෙන් කෝටි 990ක ආයෝ­ජ­න­යක්

ශ්‍රී ලංකාවේ පව­තින ආයෝ­ජන අවස්ථා සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මින් රුපි­යල් කෝටි 990 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 30)ක ආයෝ­ජන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට ඉන්දීය ආයෝ­ජ­ක­යන් පිරි­සක් එක­ඟ­තාව පළ­කර තිබේ.

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොම­සා­රිස් ආචාර්ය ගනේ­ෂ­නා­දන් ගීති­ස්ව­රන් මහ­තාගේ මැදි­හ­ත්වී­මෙන්, ශ්‍රී ලංකාවේ නව ආයෝ­ජන අවස්ථා ගවේ­ෂ­ණය කිරීම සඳහා ඉන්දි­යාවේ චෙන්නායි නුව­රින් පැමිණි විශේෂ දූත පිරි­සක් මෙරට සංචා­ර­යක නිර­ත­වන අතර එම කණ්ඩා­යම මේ සම්බ­න්ධ­යෙන් කැමැත්ත පළ­කර තිබෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

මෙම සංචා­රය අත­ර­තුර, දූත පිරිස ශ්‍රී ලංකාවේ වෙ‍ෙළඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­ත­තාව හා සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ සහ අධ්‍යා­පන හා උසස් අධ්‍යා­පන නියෝජ්‍ය ඇමැති ආචාර්ය මධුර සෙනෙ­වි­රත්න මහ­ත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

මෙම සාක­ච්ඡා­වලදී කරුණු කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමුව තිබෙන අතර ශ්‍රී ලංකාව තුළ ආයෝ­ජන සහ­යෝ­ගි­තාව සඳහා ඇති මාර්ග ගවේ­ෂ­ණය කිරීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපා­රික හා ආයෝ­ජන වට­පි­ටාව පිළි­බඳ ගැඹුරු අව­බෝ­ධ­යක් ලබා ගැනීම සහ අනා­ගත හවු­ල්කා­රි­ත්ව­යන් සඳහා අන්‍යෝන්‍ය වශ­යෙන් වැද­ගත් වන ක්ෂේත්‍ර හඳු­නා­ගැ­නීම ඒ අතර වෙයි.

මෙහි දී ඉන්දීය දූත පිරිස ශ්‍රී ලංකාව තුළ ආයෝ­ජ­නය කිරී­මට ඇති කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, ඉදිරි ව්‍යාපෘති ඇග­යී­ම්ව­ලට යටත්ව, ආසන්න වශ­යෙන් අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 30ක විභව ආයෝ­ජන කැප­වී­මක් පිළි­බඳ ඉඟි­කර ඇත.

ශ්‍රී ලංකාවේ පව­තින ආයෝ­ජන විභ­ව­තා­වන් සහ දැනට ක්‍රියා­ත්මක ආර්ථික සංව­ර්ධන මුල­පි­රීම් පිළි­බඳ ඉන්දීය ආයෝ­ජ­ක­යන් දැනු­වත් කිරීම මෙම සංවා­දයේ අර­මුණ වී තිබෙන අතර මෙම ක්‍රියා­ව­ලිය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර ආර්ථික සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­ම­ටත්, දෙරටේ ව්‍යාපා­රික ප්‍රජා­වන් අතර වඩාත් සමීප සහ­යෝ­ගි­තා­වක් වර්ධ­නය කිරී­ම­ටත් අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com