රු. කෝටි 21 වටින ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රු. කෝටි 21 වටින ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
විදේශ රටකදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු මිටි 60ක් (ඩොලර් 700000) සමඟ ශ්‍රී ලාංකික කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (08) පෙරවරුවේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි වයස අවුරුදු 53ක් වන සැකකාරියගේ නිවසේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මුදල් තොගයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 21ක් බව සඳහන් වේ.
මේ අතර මෙම මුදල් නෝට්ටු පිටරටකදී මුද්‍රණය කර මෙරටට ගෙන්වා ඇති බවට පොලීසිය සැකපළ කරන අතර මෙම ජාවාරමට පකිස්ථාන ජාතිකයෙකුද සම්බන්ධ බව පොලීසිය පවසයි.
මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ඩොලරයක් රුපියල් 284ක මුදලකට හුවමාරු කිරීමට සූදානම්ව සිට ඇති අතර මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් නෝට්ටු හුවමාරු කර ඇති බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට දින (09) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




