කෘත්‍රිම බුද්ධියෙන්(AI) නිර්මාණය වූ ලොව ප්‍රථම එන්නත

0
කෘත්‍රිම බුද්ධියෙන්(AI) නිර්මාණය කරන ලද ලොව ප්‍රථම එන්නත

කෘත්‍රිම බුද්ධියෙන්(AI) නිර්මාණය කරන ලද ලොව ප්‍රථම එන්නත

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් කෘතිම බුද්ධිය (AI) ආධාරයෙන් ලොව පළමු වරට නිපදවූ නව එන්නක් පිළිබඳ පුවතක් විදෙස් වාර්තාහි සඳහන් වේ.

වෛරස් නිරන්තර වෙනස් වන නිසා වර්තමානයේ තිබෙන එන්නත් ඉක්මනින්ම කල් ඉකුත් වීම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම වසංගතයකට කල්තියා මුහුණ දිය හැකි පොදු එන්නත් තාක්ෂණයක් නිපදවීම මෙහි අරමුණයි.

පර්යේෂකයන් විසින් ලොව පුරා සොයාගත් විවිධ කොරෝනා වෛරස් වර්ගවල ජානමය කේත AI පද්ධතියට ලබා දීම මගින් මෙම එන්නත නිපදවා තිබේ.

ඒ අනුව, වෛරස්වල පැවැත්මට අත්‍යවශ්‍ය, වෙනස් නොවන පොදු කොටස් හඳුනාගෙන, ශරීරයේ ප්‍රතිශක්තිකරණය උත්තේජනය කළ හැකි එන්නතක් නිර්මාණය කිරීමට කෘතිම බුද්ධිය සමත් වී ඇත.

මෙමගින් වෛරසය කුමන ආකාරයෙන් වෙනස් වුවත්, සතුන්ගෙන් මිනිසුන්ට බෝ වුවත්, මුළු වෛරස් පවුලටම එරෙහිව සටන් කිරීමට ශරීරයට ශක්තිය ලබා දෙන බව සඳහන් වෙයි.

වත්මන් තත්ත්වය සහ පරීක්ෂණ

මෙහි පළමු අදියරේදී මිනිසුන් 39 දෙනෙකු යොදාගෙන මෙය ආරක්ෂිතදැයි බලා ඇති අතර, එහිදී එය ආරක්ෂිත බව තහවුරු වී තිබේ.

මෙහි සාර්ථකත්වය තවදුරටත් බැලීමට මිනිසුන් 200 කට අධික පිරිසක් යොදාගෙන 2 වන අදියරේ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

කොරෝනාවලට අමතරව සෑම වසරකම වෙනස් කිරීමට අනවශ්‍ය පොදු ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් සහ ඉබෝලා වෛරසය සඳහාත් මෙම ක්‍රමයෙන් එන්නත් නිපදවීමට මේ වන විට පරීක්ෂණ කෙරෙමින් පවතින බව විදෙස් වාර්තාහි වැඩිදුර සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com