නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ඓතිහාසික පියවරක්; ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ පනත සම්මතයි
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ඓතිහාසික පියවරක්; ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ පනත සම්මතයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ ඓතිහාසික යෝජනාවක් සම්මත කරගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට එරෙහිව පසුගිය පෙබරවාරි මස අගභාගයේදී යුද්ධය ආරම්භ කිරිමෙන් පසු ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය උත්සාහ ගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර, මිට පෙර අවස්ථා 3කදීම එම යෝජනාව පරාජයට පත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
යෝජනාව සම්මත වී ඇත්තේ ඉරාන යුද්ධයට එරෙහිව අමෙරිකාවේ ජනතා විරෝධය උත්සන්න වෙමින් පවතින අවස්ථාවක බව වාර්තා වේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගත් යෝජනාව ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරමින් ධවල මන්දිරය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.
ඉරාන යුද්ධයට අප්‍රසාදය පළ කරමින් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් මන්ත්‍රීවරු සිවුදෙනකු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු සමඟ එක්ව යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර ඇති අතර, ඡන්ද 215-208ක් ලෙස යෝජනාව සම්මත වූ බව වාර්තා වේ. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා යොදවා ඇති හමුදාව ඉවත් කරගැනීමට සහ යුද්ධ කිරීම සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය අනිවාර්ය කිරිම එම යෝජනාවලියට ඇතුළත්වී තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ යුද බලතල සීමා කිරීම බලාත්මක කිරීම සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය අවශ්‍ය බවත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වූ යෝජනාව ඉදිරියේදී සෙනෙට් සභාවට ඉදිරිපත් කිරිමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. රිපබ්ලිකන් පාලනය යටතේ පවතින සෙනෙට් සභාවේදී එම යෝජනාව සම්මත වුවහොත් ඊට ජනාධිපතිවරයාගේ අත්සන අවශ්‍ය නොවන බවද වාර්තා වේ.
