ඉරානය වෙත ගමන්කළ තෙල් නැවකට අමෙරිකාවෙන් Hellfire ප්‍රහාරයක්
ඉරානය වෙත ගමන්කළ තෙල් නැවකට අමෙරිකාවෙන් Hellfire ප්‍රහාරයක්
ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහනය කරන නෞකාවකට අමෙරිකානු හමුදාව හෙල්ෆයර් (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති නාවික අවහිර කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු මධ්‍යම විධානය නිකුත් කළ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ බොට්ස්වානා ධජය යටතේ ධාවනය වූ M/T Lexie නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරමින් මිසයිලය එල්ල කරන ආකාරයයි.
අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කළේ, පැය 24ක කාලයක් තුළ කිහිප වරක් ලබාදුන් අනතුරු ඇඟවීම් සහ උපදෙස් නෞකාවේ කාර්ය මණ්ඩලය නොතකා හැර ඇති බවය.
ඒ අනුව, නෞකාව ඉරානය වෙත ළඟාවීම වැළැක්වීම සඳහා අමෙරිකානු ගුවන් යානයක් හෙල්ෆයර් මිසයිලයක් භාවිත කර එහි එන්ජින් කාමරය අක්‍රීය කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.
අප්‍රේල් 13 වැනිදා සිට ආරම්භ කළ ඉරානයට එරෙහි නාවික අවහිර කිරීමේ මෙහෙයුම යටතේ අමෙරිකාව විසින් අක්‍රීය කළ හයවැනි නෞකාව මෙය බව වාර්තා වේ.
එමෙන්ම, ඉරාන වරායන් වෙත ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට උත්සාහ කළ තවත් නෞකා 122ක් මෙතෙක් වෙනත් මාර්ග වෙත යොමු කර ඇති බවද අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත.






