ජනතාවට කරදරයක් වු බයික් 50ක් පොලිස් භාරයට

0
ජනතාවට කරදරයක් වුණු බයික් 50ක් පොලිස් භාරයට

ජනතාවට කරදරයක් වුණු බයික් 50ක් පොලිස් භාරයට

වෙසක් දිනයන් තුළ මහජනතාවට පීඩාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදි 50කට වැඩි ප්‍රමාණයක් කළුතර උතුර පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම යතුරුපැදිවල අංක තහඩු නොතිබූ බවත් සයිලන්සර් වෙනස් කර අධික ශබ්දය පිටවන අයුරින් සකසා ඇති බවත් පැති කණ්ණාඩි නොමැතිව ධාවන කළ බවත් පොලිසිය සඳහන් කරයි.

වෙසක් සිරි නැරඹීම සඳහා මහජන පීඩාකාරී ලෙස සහ අධික ශබ්ද සහිතව මෙන්ම අනතුරුදායක ලෙස ධාවනය කෙරෙන යතුරුපැදි කළුතර නගරයට පැමිණෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව සිදු කළ මෙහෙයුමකින් මෙම යතුරුපැදි සිය භාරයගත් බව පොලිසියේ ප්‍රකාශකයෙකු කියාසිටියේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com