ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ
ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කරයි
ඉහළ යන ඉන්ධන වියදම හමුවේ සිය අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙන බවට විදෙස් මාධය වාර්තා කරනවා.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන වියදම අධික ලෙස ඉහළ යාම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, මෙලෙස අවලංගු වන ගුවන් ගමන්වලට අදාළ ප්‍රවේශපත් යළි වෙන්කර ගන්නා ලෙස ඉන්දීය ගුවන් සේවා බලධාරීන් විසින් මේ වන විටත් මගීන්ට දැනුම් දී තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉන්දියාව පෙරේදා දිනයේදීත් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
