නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ටින් මාළු කම්හලක් වටලයි

0
නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ටින් මාළු කම්හලක් වටලයි

නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ටින් මාළු කම්හලක් වටලයි

නියමිත බලපත්‍ර හා නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් සඳලංකාව ඉරබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනය හා ඇසුරුම් කරන කර්මාන්ත ශාලාවක් ඊයේ (26) දහවල් වටලා තිබෙනවා.

එහිදී රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගත් බවයි සඳහන් වන්නේ.

වැටලීම සිදු කරන ලද අවස්ථාවේ එම කර්මාන්ත ශාලාව තුළ සැමන් ටින් 3500කට ආසන්න ප්‍රමාණයක් වෙළඳ පොළට නිකුත් කිරීම සඳහා ඇසුරුම් කරමින් සිටි බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරනවා.

එමෙන්ම ටින් මාළු ඇසිරීම සඳහා සූදානම් කර තිබූ ඇසුරුම් (පෙට්ටි), දවටන, ව්‍යාජ දින මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රය, ඇතුළු තවත් භාණ්ඩ රැසක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

වැටලීමෙන් පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගත් මුද්‍රා තබන ලද ටින් මාළු ඇතුළු සියලු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com