ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට කැබ් රථ 134ක්

0
ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට කැබ් රථ 134ක්

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට කැබ් රථ 134ක්

ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ (single cabs) 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් වන අතර, මෙම කැබ් රථ උතුරු පළාත් පොලිස් ස්ථාන වෙත භාර දීමට නියමිතය.

ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී සඳහන් කළේය.

ඉන්දියානු රජය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉන්දීයානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com