වසර 9කට පසු කතෝලික සභාව රැස්වෙයි

0
වසර 9කට පසු කතෝලික සභාව රැස්වෙයි

වසර 9කට පසු කතෝලික සභාව රැස්වෙයි

වසර 9කට පසු කතෝලික සභාව යළි රැස්ව තිබෙනවා.

කතෝලික සභාව සහ රජය අතර සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සම සහාපතිත්වයෙන්.

කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමාගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කිරීම තම අපේක්ෂාව බවත්, අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන තත්ත්ව නිරාකරණය කර ගත යුතු බවත් එහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසා සිටියා.

රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන්ලා බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම රජයට පවරා ගත් කතෝලික පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබෙන අතරකතෝලික සභාව සමඟ පවත්වන සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා එහි ලේකම් ලෙස කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

මෙම අවස්ථව සඳහා අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරු හිමිපාණන්, අතිඋතුම් ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල් රදගුරු හිමිපාණන්, අතිඋතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණන්, අතිඋතුම් විමල් සිරි ජයසූරිය රදගුරු හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ සාමාජික පියතුමන්ලා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com