පල්ලේගම හිමිගේ විමර්ශන අවසන් යැයි නීතිපතිට යැවු ගොනුව අසම්පූර්ණයි

0
පල්ලේගම හිමිගේ විමර්ශන අවසන් කියලා නීතිපතිට යවපු ගොනුව අසම්පූර්ණයි

පල්ලේගම හිමිගේ විමර්ශන අවසන් කියලා නීතිපතිට යවපු ගොනුව අසම්පූර්ණයි

බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස හා විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ‌‌ගෙන බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර හිමිනම සිකුරාදා (22) මෙලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත්, ඊයේ (23) පැවති නඩුවාරයේ දී පොලිස් විමර්ශකයන්ට චෝදනා රැසක් එල්ල කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් පෙන්වා දෙනු ලැබුවේ, පොලිස් විමර්ශන අවසන් කියා නීතිපතිට යන ලද ගොනුව අසම්පූර්ණ බවයි.

එහි දී වීඩියෝ සාක්ෂි වශයෙන් ඇති සාක්ෂිය ඇතුළත් කර නොමැති බවත්, ඩීඑන්ඒ විමර්ශන අසම්පූර්ණ බව පෙන්වා දෙනු ලැබූ අතර, දැරිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතුළත් කළයුතු චෝදනාද චෝදනා පත්‍ර වෙත ඇතුළත් කර නොමැති බවද පෙන්වා දී තිබෙනවා.

එහි දී මේ සම්බන්ධ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මාරුකරන ලෙස ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය විසින් වැඩිදුරටත් අධීකරණය හමුවේ ඉල්ලා සිටිනු ලැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com