ඒ කාලේ දේශපාලකයෝ මාව කොල්ලකන්න දාපු නඩු මේවා – ව්‍යාපාරික විරංජිත් තාඹුගල
ඒ කාලේ දේශපාලකයෝ මාව කොල්ලකන්න දාපු නඩු මේවා – ව්‍යාපාරික විරංජිත් තාඹුගල
හෙලිකොප්ටර් යානයක් මිලදී ගැනීමේදී රුපියල් කෝටි 7ක මුදලක් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පවරා තිබූ නඩුවෙන් අවුරා ලංකා සමාගමේ සභාපති, ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
නඩු තීන්දුවෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය රජය සමයේ සිටි අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් තමන්ගෙන් මුදල් මංකොල්ලකෑමේ අරමුණින් ගොතන ලද බොරු චෝදනා හමුවේ උත්තරීතර අධිකරණය තමන්ට සාධාරණය ඉටුකළ බවයි.
පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ස්වාධීන නීති පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව තමන් ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළා.
මෙම අසත්‍ය චෝදනා හේතුවෙන් තමන් දැඩි මානසික වදහිංසාවට ලක්වූ බව පැවසූ තාඹුගල මහතා, මෙම වටපිටාව උපයෝගී කරගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් තම නිවස බිඳ ඩොලර් මිලියන 50කට අධික වටිනාකමකින් යුතු මැණික් තොගයක් කොල්ලකා ඇති බවද අනාවරණය කළා.
තමන්ට එරෙහිව සිදුකළ මෙම අසාධාරණ ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බව අවධාරණය කළ අතර, පසුගිය කාල වකවානුවේ රට තුළ පැවති අසාධාරණ තත්ත්වයන් කෙමෙන් පහව යමින් පවතින බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.




