ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග කිරි තේ මිලත් ඉහළට
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග කිරි තේ මිලත් ඉහළට
ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (20) තීරණය කරනු ලැබුවා.
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යනු ඇති.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතුව වී තිබෙනවා.
ඒ අනුව එම මිල ගණන් සහිත කිරි පිටි පැකට් තොග එළැඹෙන සතියේ වෙළදපළට පැමිණෙනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු හිරු ප්රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.




