‘CASA 7s’ රග්බි කාන්තා සහ පිරිමි ශූරතා ශ්‍රී ලංකාවට
'CASA 7s' රග්බි කාන්තා සහ පිරිමි ශූරතාවන් ශ්‍රී ලංකාවට
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවති 2026 මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් (CASA 7s) ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ශූරතාව දිනා ගැනීමට සමත් විය.
කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී ප්‍රබල කසකස්තාන කණ්ඩායම ලකුණු 27-00 ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගය පුරාම ආධිපත්‍යය පැතිරවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ කසකස්තානයට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොදීම විශේෂත්වයකි.
කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණයට පෙර පැවති පිරිමි අංශයේ අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 31-10 ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය.
ඉන්දීය කණ්ඩායම හමුවේ දැඩි පීඩනයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.




