දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දැනුම් දිමට අංශයක්

0
දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දැනුම් දෙන්න අංශයක්

දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දැනුම් දෙන්න අංශයක්

දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දුටුවිගස දැනුම් දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.

එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා 1971 මහජන පැමිණිලි අංශයට දැනුම් දිය හැකි බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ.

දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියද ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන බවත් පොදු දේපල ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනාටම වගකීමක් පැවරී ඇති බවයි එතුමා සඳහන් කරන්නේ.

මේ අතර පසුගියදා වනවාසල ප්‍රදේශයේදී දුම්රිය පීලිපැනීමට හේතුවූ දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම සහ මීලදී ගැනීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com