මේ ලංකාවෙන් පැහැර ගන්නා ලද මුදල් ද?
මේ ලංකාවෙන් පැහැර ගන්නා ලද මුදල් ද?
“සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගන්නා ලද ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන රාජකීය පොලිසිය විසින් සොයා ගනී…!” ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සයිබර් අපරාධකරුවන් විසින් ආසියානු රටකින් පැහැර ගන්නා ලද මුදල් බවට සැක කරන ඩොලර් මිලියන 6.6ක මුදලක් දේශීය මුදල් බවට මාරු කිරීමට දැරූ උත්සායක් රාජකීය ඕමාන පොලිසිය විසින් වළක්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
රාජකීය ඕමාන පොලිසිය මෙම මෙහෙයුම දියත් කර තිබෙන්නේ ඉන්ටර්පෝල් සහායෙනි.
මෙම ඩොලර් මිලියන 6.6, සයිබර් අපරාධකරුවන් විසින් ආසියානු රටකින් පැහැර ගන්නා ලද මුදලක් බව වාර්තා වුවද, අදාල ආසියානු රට මෙතෙක් නිශ්චිතව නම් කර නැත.
කෙසේ වෙතත්, ලංකාවෙන් වාර්තා වූ, මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් හය ලක්ෂ විසි පන් දහසක් පැහැර ගැනීමේ සිදුවීම බදු වෙනත් සිදු වීමක්, මෑතකදී වෙනත් ආසියානු රටකින් වාර්තා වී නැති බව පැවසේ.





