ඉරාන හමුදාවේ තෙල් නෞකා තොරතුරුවලට අමෙරිකාවෙන් ඩො.මි 25ක මුදල් තෑගි
ඉරාන හමුදාවේ තෙල් නෞකා තොරතුරුවලට අමෙරිකාවෙන් ඩො.මි 25ක මුදල් තෑගි
ඉරාන ආරක්ෂක හමුදාවට සහ එහි යටිතල පහසුකම්වලට සම්බන්ධ බොරතෙල් බෙදාහැරීමේ කටයුතු පිළිබඳ තොරතුරුවලට අමෙරිකානු ඩොලර් මිලියන 15 දක්වා මුදල් ත්‍යාග පිරිනැමීමට අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු බලධාරින් සඳහන් කර ඇත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ තෙල් නැව්ගත කිරීම්, නීතිවිරෝධී ලෙස බොරතෙල් හුවමාරු කරන නෞකා හෝ සමාගම් සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් සහ පුද්ගලයන් සම්බන්ධව තොරතුරුවලට එම මුදල් ත්‍යාග පිරිනමන බවය.
ඉරානයේ විප්ලවවීය ආරක්ෂක බළකාය සම්බන්ධව බුද්ධි තොරතුරු සහ මූල්යජාලා තොරතුරු එක්රැස් කිරීම් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දිගුකාලීන වැඩසටහනක් වන අතර, ඉරාන ආරක්ෂක බළකායේ නීතිවිරෝධී මුල්යජාලය සම්බන්ධ තොරතුරුවලට ඩොලර් මිලියන 15 දක්වා මුදල් ත්‍යාග පිරිනමන බව මීට වසර තුනකට පෙර ජෝ බයිඩ්න් පරිපාලනය යටතේ එනම්, 2023 වසරේදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.






