රු. 35,000ක අල්ලසක් ගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට

0
රු. 35,000ක අල්ලසක් ගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට

රු. 35,000ක අල්ලසක් ගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට

ඉඩමක තක්සේරු වාර්තාවක් අඩු වටිනාකමකින් සකස් කර දීම සඳහා රුපියල් 35,000ක අල්ලස් මුදලක් ලබාගත් පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ඔප්පුවක් සකස් කර ගැනීමේදී, අදාළ ඉඩමේ තක්සේරු වටිනාකම අඩුවෙන් සඳහන් කර දීමට සැකකරු පොරොන්දු වී තිබේ.

ඒ හරහා රජයට ගෙවිය යුතු මුද්දර ගාස්තු අඩු කර දීම සඳහා ඔහු රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

පසුව දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවය මත අල්ලස් මුදල රුපියල් 35,000ක් දක්වා අඩු කර ඇති අතර, එම මුදල ලබාගන්නා අවස්ථාවේදී පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවට පත්විය.

ඊයේ (13) පෙරවරු 9.27 ට පමණ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ එම කාර්යාලයේ සේවය කරන එදිරිවීර ආරුකට්ටු පටබැඳිගේ සුමිත් ඉංදික කුමාර නමැති අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com