ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

0
ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

ආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මිල ගණන් අවම වශයෙන් සියයට විසිපහකින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සමාගම් පෙන්වා දෙන්නේ මේ වනවිට විදුලි ගාස්තු ඉහළ යාම, රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, නෞකාවල රක්ෂණ ගාස්තු, ඖෂධ මිල හා ඖෂධ නිෂ්පාදන මුලද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු සියලු වියදම් සැලකිල්ලට ගනිමින් ඖෂධ මිල ඉහළ දැමීමට සිදුවන බවයි.

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වාණිජ්‍ය කර්මාන්තකරුවන්ගේ සභාපති ශාන්ත බණ්ඩාරද කියා සිටියේ දැනට රජය විසින් මිල පාලනයකට යටත් කොට ඇති ඖෂධ 60 හි මිල පාලනය ඉවත් කොට අඩුම තරමින් ඒවායෙහි මිල සියයට 7කින් වත් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com