තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

0
තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

අයි.සී.සී.(ICC) දූෂණ විරෝධී නීති සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා වූ තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය ඉකුත් බ්‍රහස්පතින්දා (07) පියවර ගෙන තිබෙනවා.

2025-26 BPL තරගාවලියේ චැටෝග්‍රෑම් රෝයල්ස් වෙනුවෙන් ක්‍රීඩාකර ඇති ඔහු, ඔට්ටු ඇල්ලීම ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හේතුවෙන් මෙම තරග තහනම පනවා තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සිදුකළ අදාළ දූෂණ විමර්ශනයේදී එම කණ්ඩායමේ තවත් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් අදාළ දඬුවම් ක්‍රියාවට නැංවීමට පෙර චෝදනා ලැබූවන්ට සිය චෝදනාවලට කරුණු දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා (07) සිට දින 14ක කාලයක් ලබාදීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com