මහ කොමසාරිස් කාර්යාල සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉඩම් වෙන් කෙරේ
මහ කොමසාරිස් කාර්යාල සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉඩම් වෙන් කෙරේ
ශ්‍රී ලංකාව මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත්, එයට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන්කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ ඉකුත් සඳුදා (04) ජනාධිපති කාර්යාලයේ දී පැවැති ශ්‍රී ලංකා – මාලදිවයින් ජනාධිපතිවරු සහභාගි වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක් වෙමිනි.




