බන්ධනාගාර රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකයින් 3 දෙනෙක් අත්අඩංගුවට

0
බන්ධනාගාර රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකයින් 3ක් අත්අඩංගුවට

බන්ධනාගාර රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකයින් 3ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මියගිය රැඳෙවියා පසුගිය 03වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලාගොස් තිබූ අතර එහිදී එම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන තිබුණි.

පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com