ඉරානයේ අලුත් යෝජනා ගැන ට්‍රම්ප්ගේ අසතුට
ඉරානයේ අලුත් යෝජනා ගැන ට්‍රම්ප්ගේ අසතුට
යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවයි.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවයි.
කෙසේවෙතත් එම යෝජනා පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන් වනවා.
පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවයි.






