ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ තන­තුරු 326කට පත්වීම්

0

ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ තන­තුරු 326කට පත්වීම්

රාජ්‍ය සේව­යට බඳවා ගැනී­මේදී කිසිම ආකා­ර­යක දේශ­පා­ලන මැදි­හ­ත්වීම් හෝ ඇමැ­ති­ව­ර­යාගේ නාම­ලේ­ඛන ඉදි­රි­පත් කිරී­මක් සිදු නොවන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ අධී­ක්ෂණ කළ­ම­නා­ක­රණ සහ­කාර – III ශ්‍රේණියේ තැපැල් සේවා නිල­ධාරි තන­තුර සඳහා 326 දෙන­කුට පත්වීම් ලිපි ප්‍රදා­නය කිරීම තැපැල් මූල­ස්ථාන ශ්‍රව­ණා­ගා­රයේ දී ඊයේ දිනයේ (28) සිදු­කළ අතර එහිදී ඇමැ­ති­ව­රයා එසේ පවසා සිටි­යේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ අධී­ක්ෂණ කළ­ම­නා­ක­රණ සහ­කාර – III ශ්‍රේණියේ තැපැල් සේවා නිල­ධාරි තන­තුරු 600ක් සඳහා බඳවා ගැනී­මට අය­දු­ම්ක­රු­ව­න්ගෙන් අය­දු­ම්පත් කැඳ­වන අතර පසු­ගිය වසරේ අග භාගයේ දී ඊට අදා­ළව පැවැත්වූ තරග විභා­ගය සම­තු­න්ගෙන් සම්මුඛ පරී­ක්ෂ­ණ­යට ඉදි­රි­පත් වී සුදු­සු­කම් සම්පූර්ණ කරන ලද 326 දෙන­කුට මෙලෙස පත්වීම් ලිපි ප්‍රදා­නය කරන ලදි.

ඊයේ දින (30) පත්වීම් ලැබූ මේ නිල­ධා­රීන් දිස්ත්‍රික් මට්ට­මින් බඳවා ගැනී­මට ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කර ඇති අතර පළාත් මට්ට­මින් ස්ථාපිත කර ඇති තැපැල් අභ්‍යාස ආය­ත­න­වල සති දෙකක විශේෂ පුහු­ණු­ව­කින් පසු අදාළ රාජ­කාරි කට­යුතු සඳහා තැපල් කාර්යාල වෙත අනු­යුක්ත කිරී­මටද එම දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කර ඇත.

මේ තන­තු­රට අය­දු­ම්ක­රු­වන් විසි­ද­හ­සක් ඉල්ලුම් කර තිබුණු බවත්, නිල­ධා­රීන් 600ක් බඳවා ගැනී­මට අනු­මැ­තිය ලබා තිබි­ය­දීත්, පැවැත්වූ සම්මුඛ පරී­ක්ෂ­ණ­යේදී නිසි සුදු­සු­කම් සම්පූර්ණ කරන ලද අය­දු­ම්ක­රු­ව­න්ගෙන් 326ක් පම­ණක් තේරී­පත් වූ බවත් ඇමැ­ති­ව­රයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com