ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළා.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළවුණා.

ඔහු 2019 වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස තේරී පත් වූ අතර, පසුව නිතරඟයෙන් කිහිප වතාවක්ම එම ධුරයට නැවත තේරී පත් වුණා.

ඔහුගේ පාලන කාලය තුළ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව ඔහු කරුණු දක්වන නමුත්, ක්‍රීඩාවේ දක්ෂතා සහ පරිපාලන විනිවිදභාවය පිළිබඳව විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුණා.

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් වූ විගණන වාර්තා හරහා මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විපක්ෂය සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඔහුට දැඩි ලෙස චෝදනා එල්ල කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) පැනවූ කෙටි කාලීන තහනම පිටුපස “දේශපාලන ඇඟිලි ගැසීම්” පවතින බවට ඔහු දිගින් දිගටම තර්ක කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com