අල්ලස් ගත් කම්කරු නිලධාරියාට වසර 6ක සිරදඬුවම්
අල්ලස් ගත් කම්කරු නිලධාරියාට වසර 6ක සිරදඬුවම්
රුපියල් පහළොස් දහසක අල්ලසක් ලබාගත් බවට වරදකරු වූ කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ, වසර 17කට පෙර කුකුල් ගොවිපළක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් අදාළ අල්ලස් මුදල ලබාගැනීමේ චෝදනාවටයි.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සේවය කළ අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධන නැමැති නිලධාරියෙකුටයි.
2009 වසරේ සැප්තැම්බර් මස දෙවනදා වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් මොහු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුවයි ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබුවේ.
අදාළ නඩුව අප්‍රේල් 23 වනදා, කොළඹ මහාධිකරණයේ අංක 06 අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, ඉදිරිපත් වූ සාක්ෂි මත විත්තිකරුට එරෙහිව ගෙන ආ චෝදනා තුනම ඔප්පු වී ඇති බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තීන්දු කළා.
ඒ අනුව, විත්තිකරුට එක් චෝදනාවකට වසර 06 බැගින්, එකවර ගෙවී යන සේ සිරදඬුවම් නියම කෙරුණු අතර, එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් දඩ මුදලක්ද නියම කළා.
මීට අමතරව ඔහු ලබාගත් රුපියල් 15,000ක අල්ලස් මුදලට සමාන දණ්ඩන මුදලක්ද ගෙවන ලෙසයි අධිකරණය නියෝග කළේ.




