2015 – 2019 වර්ෂවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධ ගැටළු නිරාකරණයට විශේෂඥ කමිටුවක්

0
2015 – 2019 වර්ෂවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධ ගැටළු නිරාකරණයට විශේෂඥ කමිටුවක් අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත. ඒ අනුව සකස් කරනු ලැබූ නව ක්‍රමවේදය සමාලෝචනය කිරීමෙන් අනතුරුව 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනතේ සඳහන් නිර්ණායකයන්ද සැලකිල්ලට ගනිමින් මෙලෙස අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇත. මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාශීලීව සිටින බස් රථ හිමියන් ආරක්ෂා වන පරිදිත් නව ආයෝජකයින්ට පොදු ප්‍රවාහන සේවා සැපයීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීම මගින් ගුණාත්මක සේවාවක් ලබාගැනීමට මගීන්ට ඇති අයිතිය තහවුරු වන පරිදි එම ක්‍රමවේදය සකස් කර ඇත.

2015-2019 කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ව්‍යාපෘති 2,562ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබී ඇති අතර, ඒ යටතේ ඉදිකිරීමට අපේක්ෂා කර තිබූ මුළු නිවාස සංඛ්‍යාව 64,407කි.

ඒ අනුව, නිවාස ආධාර යටතේ ගම්මාන 1,138ක්ද, ප්‍රතිලාභීන් වෙත නිවාස ණය ලබා දීම මඟින් ගම්මාන 1,334ක්ද, ඉන්දීය රජයේ ආධාර යටතේ ගම්මාන 90ක්ද වශයෙන් එකී නිවාස ව්‍යාපෘති සැලසුම් සකස් කර තිබී ඇත.

එහෙත්, ඉන් වැඩ නිමවා විවෘත කිරීමට හැකි වී ඇත්තේ ගම්මාන 386ක් පමණක් වන අතර, වැඩ අවසන් කරන ලද මුළු නිවාස සංඛ්‍යාව 10,532කි.

ඉතිරි නිවාස සම්පූර්ණ කිරීම සඳහා තවත් රුපියල් බිලියන 11.26ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර තිබේ. එකී ව්‍යාපෘතිවල ප්‍රගතිය අවම වීම කෙරෙහි විවිධ හේතු බලපා ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විශ්ලේෂණය කර සත්‍ය වශයෙන්ම නිවාස අවශ්‍යතාව පවතින අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමටත්, අතරමග නතර වූ ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාව පදිංචි කරවීමටත්, ලබා දුන් ණය මුදල් අයකර ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් අදාළව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com