ජීවිත බිලිගත් මාරක අනතුරු

0
ජීවිත බිලිගත් මාරක අනතුරු

ජීවිත බිලිගත් මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

අද දින (22) අලුයම කෝපායි පොලිස් වසමේ යාපනය පලාලි මාර්ගයේ උරිම්බිරායි හන්දියේදී පලාලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23 හා 64 වයස්වල පසුවන එලාලේයි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කෝපායි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර,ඊයේ (21) දහවල් නිකවැරටිය පොලිස් වසමේ ඇලවක බලල්ල මාර්ගයේ සියඹලෑව ප්‍රදේශයේදී බලල්ල දෙසට ධාවනය වූ අත්ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවු අනතුරකින් අත් ට්‍රැක්ටර් රියැදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, කිලිනොච්චිය පොලිස් වසමේ වව්නියාව යාපනය මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී වව්නියාව දෙසට ධාවනය වූ කාර් රථයක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ 59 ක් වූ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි පදිකයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුර සිදුකළ කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර ඊයේ රාත්‍රියේ පානදුර පින්වත්තේදී මෝටර් රථයක් සහ ත්‍රීවිල් රථයක් ගැටී සිදුවු බිහිසුණු අනතුරින් 29 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

මෙම ත්‍රීවිල් රථය ඉන්ධන නොමැතිව තුවාල ලැබූ තරුණයා සහ තවත් තරුණයෙකු ප්‍රධාන මාර්ගයේ ඉන්ධනහලක් වෙත තල්ලු කරමින් පැමිණ ඇත.

එහිදී ඔවුන් ත්‍රිරෝද රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවේ ඇති ඉන්ධනහලට එකවරම තල්ලු කර හැරවීමේ දී පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටී තිබුණි.

මෝටර් රථයේ ගැටුණු ත්‍රිරෝද රථය මීටර් 20ක් පමණ ඇදී ගොස් ඇති අතර, ත්‍රිරෝද රථය තල්ලු කළ තරුණයාගේ හිසට සහ ගෙල ප්‍රදේශයට මෙලෙස බරපතළ තුවාල සිදුව තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com