2026 පළමු කාර්තුවේ සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් වාර්තා අලුත් වේ

0
2026 පළමු කාර්තුවේ සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් වාර්තා අලුත් වේ

2026 පළමු කාර්තුවේ සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් වාර්තා අලුත් වේ

2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ වාර්තාගත සුරාබදු ආදායමක් උපයාගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, 2026 මාර්තු 31වන විට සුරාබදු ආදායම රුපියල් බිලියන 70.4ක් ලෙස වාර්තා වී ඇති අතර, එම කාලසීමාව සඳහා නියමිතව තිබූ රුපියල් බිලියන 61.95ක ඉලක්කයද ඉක්මවා ගොස් ඇති බවයි.

ඒ අනුව ඉලක්කගත ආදායමට සාපේක්ෂව 113.6%ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා වී තිබිම විශේෂත්වයක්.

මෙම ආදායම 2025 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 114.8%ක වර්ධනයක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

නව රජයේ නිසි මඟපෙන්වීම හා සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පූර්ණ කැපවීම හේතුවෙන් මෙලෙස වාර්තාගත සුරාබදු ආදායමක් උපයාගැනීමට හැකිවූ බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා ප්‍රකාශ කර සිටින්නේ.

මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරයෙන් දැඩිව අධීක්ෂණය කිරීම, මත්පැන් බෝතල් මත ආරක්ෂිත මුද්‍රා යෙදීම, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට එරෙහිව වැටලීම් වැඩි කිරීම සහ බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම වැනි ක්‍රියාමාර්ග මෙම ආදායම් වර්ධනයට දායක වී ඇති බවද පේමරත්න මහතා පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය ආදායම උපයන ආයතන අතර තෙවන ස්ථානය හිමි මෙම දෙපාර්තමේන්තුව, 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 245ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com