මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට
මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2025 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ(20) පස්වරුවේ පිළිගැන්වූවා.
මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළ බවත්, ලංකා බැංකුව වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට සමත් වූ බවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභයක් 2025 වසරේ වාර්තා කර ඇති බවත් එම බැංකු සභාපතිවරු පෙන්වා දුන්නා.
මෙහිදී අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කර තිබෙන බවයි.
එම ලාභය බදු අය කිරීමට පෙර බිලියන 64.4ක් වන අතර බදු අය කිරීමෙන් පසු බිලියන 40ක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.
මේ අතර ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා පෙන්වා දුන්නේ වසර 87ක සිය ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට ලංකා බැංකුව සමත් වූ බවත් එය සියලු බදුවලට පෙර බිලියන 120.8ක ලාභයක් බවයි.
බදු වශයෙන් බිලියන 77ක මුදලක් රජයට ගෙවා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හෂ කබ්රාල් මහතා මෙහිදී පෙන්වා දුන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභය 2025 වසරේ උපයා ඇති බවයි.
එමෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට බිලියන 6ක් ලබා දී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.
රජයේ ප්‍රතිපත්තීන් සමග ඉතා සැලසුම් සහගතව සහ ඉහළ මූල්‍ය විනයකින් කටයුතු කිරිම හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවූ බව මෙහිදී පෙන්වා දුන් බැංකු ප්‍රධානීන් ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩල වෙතින් ලැබුණු සුවිශේෂී සහායද සිහිපත් කර සිටියා.




