බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්

0
බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්

බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්

ගල් අඟුරු සම්බන්ධව සිදුකෙරන විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදයංග හේමපාල මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ එම ධුරයෙන් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීම සැලකෙනුයේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාර ගැනීමක් වන බවය.

කෙසේ නමුත් ජනාධිපති කොමිසමක වැඩ කටයුතු සඳහා අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන බවත් එය ව්‍යාජ හේතුවක් බවත් ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.

මෙම ගල්අඟුරු සම්බන්ධව කොන්ත්‍රාත්තුව ලබා දෙන විට අදාළ සමාගම ලියාපදිංචි කර නොතිබූ බවත් එවන් සමාගමකට කොන්ත්‍රාත්තුව භාර දීමේ තීරණයේ සාමුහික වගකීම බාරගත යුතු බවත් අදාළ ලිපිය මගින් දන්වා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com