ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

0
ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිෂන්ට පැමිණිල්ලක්

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිෂන්ට පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (17) පැමිණිල්ලක් ලැබී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2024 හා 2025 වසරවලට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබේ.

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට අමාත්‍යවරයා සිය වත්කම් ප්‍රකාශය මගින් දක්වා තිබීමත්, සිය වියදම් පවා පියවාගැනීම දුෂ්කර බවට ඔහු වසර කිහිපයකට පෙර ප්‍රකාශයක් කර තිබීමත් සැලකිල්ලට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,

“ඉතාමත්ම අඩු කාලයක් තුළදී විශාල ධනයක් ඔහු උපයා ගත්තේ කෙසේද?. එතකොට අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාවට ඔහු අවසන්වරට ලබාදීපු වත්කම් ප්‍රකාශයත්, වර්තමානය වනවිට ඔහු සතු වත්කම් සම්බන්ධවත් තිබෙන පරස්පරයත් ගැන සමාජය මතු කරන සිදුවීම ගැන පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com