“බොරතෙල් බැරලයකට ඇ.ඩො 286ක් ගෙවන්නේ නෑ” ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්
“බොරතෙල් බැරලයකට ඇ.ඩො 286ක් ගෙවන්නේ නෑ” ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක අධික මිලක් ගෙවලා” යන සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවැරදි කිරීමක් සිදු කර තිබෙනවා.
එම නිවැරදි කිරීම පහතින්,
උපුටා ගැනීමයි
“ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙනෙනු ලබන්නේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සපුගස්කන්ද පිරිපහදුව සදහා පමණි. මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාව ඇතිවීමෙන් පසුව ලංකාව වෙත ලගාවෙන ප්‍රථම බොරතෙල් නවුකාව හෙටදිනයේ එනම් 17 න දින ලංකාවට ලගාවේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන්වනු ලැබූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ කිසිදු බොරතෙල් තොගයක, බැරලයක් සදහා ඇමරිකානු ඩොලර් 286 ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැත.
මැදපෙරදිග යුද්ධය හටගැනීමෙන් පසු පැමිණෙන බොරතෙල් නවුකා සදහා දලවශයෙන් බැරලයකට ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 හා 113.29 ලෙස ගෙවීමට පොරොන්දුවී ඇති අතර, එය දැනට ලොක වෙළදපලේ ඇති මිලට සාපේෂව ඉතා වාසිදායක අගයක් වේ.
ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අනෙක් තරගකාරී සමාගම් වලට සාපේෂව ඉතා සාධනීය හා වාසිදායක තත්වයක් උදාකරගෙන ඇති අවස්ථාවක, සංස්ථාවේ කීර්තිනාමය විනාශකිරීමේ අරමුණෙන් කෙරෙන සාවද්‍ය ප්‍රකාශ තරයේ හෙලාදකිමු.
එසේම මෙවන් සාවද්‍ය ප්‍රකාශ සමාජගතකොට, ජන සමාජය නොසන්සුන් කීරීම, ආතතියට පත්කිරීම හා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ කීර්තිනාමය විනාශකිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශව වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙමු.
සභාපති
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව”




