බූස්සේ හිටපු අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිසර බන්ධනාගාරයට

0
බූස්සේ හිටපු අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිසර බන්ධනාගාරයට

බූස්සේ හිටපු අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිසර බන්ධනාගාරයට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු වැලිසර නව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ඊයේ(11) දිනයේ අදාළ රැඳවියන් පිරිස වැලිසර බන්ධනාගාරය වෙත මාරු කළ බවයි.

මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් වන වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, ලොකුපැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, ආමි සම්පත්, මන්නා රමේෂ් යන අය ඇතුළත් වනවා.

බූස්ස බන්ධනාගාරයේ සිටින රැදවියන් විසින් බන්ධනාගාරයේ සිට විවිධ ජාවාරම් සිදුකරන බවට ලැබුණු තොරතුරු මත සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

වැලිසර නාවිකා හමුදා කදවුරේ ඉදිකර ඇති වැලිසර නව බන්ධනාගාරය විශේෂ ආරක්ෂිත විධිවිධානව ඉදිකර ඇති අතර එම බන්ධනාගාරයේ පළමු රැදවියන් පිරිස ලෙස මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com